මේ වනවිට ලංකාව අතිවිශාල විදේශ ණය උගුළක සිර වීමට මුල පුරා ඇත්තේ 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයාගේ ප්රතිපත්ති අනුව බව අනාවරණය වේ. මෙම කරුණු අනාවරණය වන්නේ ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ පෙරදැක්ම 2021 මූල්ය ප්රතිපත්ති ප්රකාශයෙනි.
මෙරටට විදේශ ව්යාපෘති ණය සහ සහනදායී විදේශ ණය ඒ දක්වා ලබාගෙන තිබූ අතර වාණිජ ණය ගැනීම ආරම්භ කර ඇත්තේ 2009 සිටය. මේ නිසා කෙටි කාලීනව ආපසු ගෙවියයුතු ඉහළ පොලියක වාණිජ ණය ලබාගෙන ඇත. එම වසරේ සිට 2014 දක්වා වසර 06 තුළ ජාත්යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත්කිරීමෙන් මෙම ණය ඩොලර් මිලියන 5,000ක් ලබාගෙන ඇත.
ඉන් පසුව රනිල් + මෛත්රී පාලන සමය තුළ 2015 සිට 2019 දක්වා පස් වසරක් තුළ ඩොලර් මිලියන 12500ක් දක්වා ඩොලර් මිලියන 7,500කින් මෙම ණය ප්රමාණය ඉහළ දමා ඇත. 2019 අවසන් වනවිට මෙරට සතුව තිබූ මුළු විදේශීය ණය ප්රමාණය ඩොලර් මිලියන 5,5916ක් දක්වා ඉහළ ගොස් තිබිණි.









