මෛත්‍රීගෙන් බර අවි ප්‍රහාරයක්…

මෛත්‍රීගෙන් බර අවි ප්‍රහාරයක්…

කොරෝනා ආසාදනයෙන් මියයන ස්ලාම් භක්තිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ දියයුතු බව ආණ්ඩුපක්ෂ මන්ත්‍රී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාවේ ද හින්දු පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ද හින්දු පුවත්පත හිටපු ජනාධිපතිවරයා සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේදී ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් කිහිපයක් පිළිබවද අනාවරණය වී ඇත. කොරෝනා ආසාදනයෙන් මියගිය ස්ලාම් භක්තිකයන්ගේ සිරුරු භූමධානය කිරීමට ඉඩදියයුතු බව අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි පවා මත දක්වා තිබුණු පසුබිමක ඒ සම්බන්දයෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස කරුණු දක්වා තිබේ.

“කොවිඩ් – 19 වෛසරය ආසාදනය වී මියයන අයගේ මළ සිරුරු භූමදානය කළ හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයද ප්‍රකාශ කර ඇති බැවින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු ලෙස තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයේ පිහිටා කටයුතු කරන බව” හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුව මේ සම්බන්දයෙන් ඇතිකර තිබෙන විවාදය මේ වනවිට ජාත්‍යන්තරයේ පවා අවදානයට ලක්වී ඇත. ස්ලාම් භක්තිකයන්ගේ සිරුරු භූමදානය කිරීමේ අයිතිය ලබාදියයුතු බවට විදේශ රටවල කිහිපයකම උද්ගෝෂණ පැවැත්වීය.

මූලාශ්‍ර ලංකාදීප

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්