තමන් වහන්සේ බොදු බල සේනා සංවිධානයෙන් ඉවත්වීමේ තීරණය රටේ ප්‍රචාරය වීමත් සමග මහා නායක හිමිවරුන් පවතා තමන් වහන්සේට ප්‍රශංසා කළේ යැයි බොදු බල සේනා සංවිධානයේ හිටපු සභාපති, දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ කිරම විමලජෝති හිමයෝ පවසති.
සතිඅන්ත පුවත් පතක් සමග සිදුකළ සංවාදයකදී උන් වහන්සේ මේ බව පවසා ඇති අතර ඉන් උපුටාගත් කොටස් හුදී ජන පහන් සංවේගය පිනිස පහත පළ කරමු.
“ඉකුත් කාලයේ බොදු බලසේනාවේ වැඩ කටයුතුවලදී ඔබවහන්සේ පෙනෙන්නට සිටියේ නැත්තේ ඇයිද?
කාරණා දෙකක් නිසා මම බොදු බල සේනාවේ වැඩකටයුතුවලින් ඈත් වුණා.
මොකක්ද කාරණා දෙක?
බොදු බල සේනාවේ සභාපති ධුරය භාරගන්න පෙර මම නිරත වෙලා හිටියේ ශාස්ත්‍රීය කටයුතුවලයි. කෙසේ නමුදු සභාපති ධුරය භාරගැනීමෙන් පසු ත්‍රිපිටකය පුනර් මුද්‍රණය, අටුවා ටිකා මුද්‍රණය කිරීම ආදී කටයුතු අතපසු වුණා. මම සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ගොඩනගලා ලෝකයේ ලොකුම බෞද්ධ පොත්හල ගොඩනැගුවේ බැංකු ණයක් ගෙනයි. ඉකුත් කාලයේ මේවා ගැනත් සොයා බලන්න බැරිවෙලා නොයෙකුත් ප්‍රශ්න ඇතිවුණා. ඒ අතරේ බොදු බලසේනාවේ සමහර කටයුතුවලට මට එකඟවන්න බැරි වුණා. මේ නිසා මම සංවිධානයේ වැඩ කටයුතුවලින් ඈත්වෙලයි හිටියේ.
බොදු බලසේනාවේ ඔබ වහන්සේට එකඟ වෙන්න බැරිවූ කාරණාව කුමක්ද?
මගේ චරිතය ගත්තොත්, මම මහා කලබලකාරීව හෝ ආවේගශීලීව වැඩකරන කෙනෙක් නෙවේ. මගේ ජීවිතයේ කාලයක් හිටියේ පිටරට. ඒ කාලයේ වුවත් ලංකාවේ සිටි කාලයේ වුවත් මම කටයුතු කළේ සන්සුන්වයි. කෙසේ නමුදු බොදු බලසේනාවට මම සම්බන්ධ වුණහම සමහරු මට පුදුමයෙන් වගේ කතා කරලා ඇහුවා ඇයි ඔබවහන්සේ වගේ කෙනෙක් මේ වගේ වැඩකට අතගැහුවේ කියලා. මේ නිසා ඔවුන් මාව හමුවන එක විතරක් නොවේ ධර්ම ග්රන්ථ ගන්න බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට පැමිණීම පවා නතර කළා. තවත් පිරිසක් සම්බුද්ධ ජයන්ති මනදිරයටත් එන එක නතර කළා. දෙසතියකට ඉහතදී මම කීවා යම්කිසි දවසක මම බොදු බලසේනාවෙන් ඉවත් වෙනවා කියලා. ඒ කතාවට ගිහියෝ විතරක් නොවේ මහානායක හිමිවරුන් පවා කතා කරලා ප්‍රශංසා කළා.
අලුත්ගම හා බේරුවල ගැටුම ඇති වූවෙත් මුස්ලිම්වරුන් ඉලක්ක කරගනිමින් බවත් එම ගැටුමට මුල බොදු බලසේනාව බවටත් චෝදනා එල්ල වෙනවා…?
අලුත්ගම ගැටුම කුමන්ත්‍රණයක්. පොසොන් පෝයදා භික්ෂුන් නමකට පහර දුන්නේ සැලසුම් සහගතවයි. මේ සිද්ධිය පොලීසියට පැමිණිලි කළ විට ඔවුන් ඒ ගැන උනන්දු වෙලා පැමිණිල්ල භාරගත්තේ නෑ. ඒ නිසා හාර පන්සියයක් පොලීසිය වටකරලා විරෝධතාවක් දැක්වුවා. මේ සිද්ධියෙන් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. එවැනි ප්‍රශ්නයක් තිබෙන පසුබිමක් යටතේ දින දෙක තුනකට පසුව මෙවැනි රැස්වීමක් පැවැත්වීමක් ගැන මා කොහෙත්ම දැනගෙන සිටියේ නෑ. මේ රැස්වීම මම අනුමත කරන්නේ නෑ. රැස්වීමට බොදු බලසේනාවේ ඥානසාර හාමුදුරුවෝ ගිය එකත් වැරදියි.
ඔබ වහන්සේ බොදු බලසේනාව ගැන දැන් හිතන්නේ මොකක්ද?
බොදු බලසේනාවේ ආරම්භක අරමුණ ඉටුකර ගැනීමට හැකිවීම ගැන මට ඇත්තේ සතුටක්. නමුත් අනෙකුත් කාරණා ගැන මම සතුටු වන්නේ නැහැ. කොහොම වුණත් මෙවැනි සංවිධානයකට බැඳීමෙන් ශාසනයට, භික්ෂූන් වහන්සේලාගේ සිල්වත් ජීවිතයට යම් කිසි අගෞරවයක් වුණාදෝ කියන දුක මට තියනවා.”
මේ අතර පසුගියදා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දිනපතා පුවත් පතකට පවසා තිබුනේ “මේ අන්තවාදී බෞද්ධ බලවේග මුලදී අපි එක්ක ගැටුම් තිබුනත් ඔවුන් නෝර්වේ ගෙනිහිං හොඳට කාල බීල නැටුම් ගැයුම් විතරක් නෙවෙයි හිම උඩ ලිස්සා යන සෙල්ලනුත් කරලයි ලංකාවට ආවේ. මේ විස්තර මට කිව්වේ මොවුන් නොර්වේ ගෙනියපු නොර්වේ ජාතික හානි තියඩොෆ් මහතායි. ගලගොඩ අත්තේ හිමි මට ඊට පස්සේ කිව්වා පරණ දේවල් අමතක කරමු. මමත් දැන් දෙමළ ජනතාවට අදාළව ඉන්නේ ඔබතුමාගේ ස්ථාවරයේම කියලායි. දෙමළ ඩයස්පෝරාව හමුවූ බවත් කිව්වා. උතුරු දකුණ හා ජාතික සමගිය ගොඩ නගන සංඝ සම්මේලනයක් තියමු කියලත් කිව්වා. ඊට පසු දෙමළ විරෝධයෙන් ඉවත් වෙලා දෙමළ ත්‍රස්තවාදය ගැනවත් වචනයක් කතා නොකර මාසයක් ඇතුළත මුස්ලිම් විරෝධයක් පටන් ගත්තා. මෙයාලාගේ දෙමළ ලෙඩේ සනීපයි. දැන් මුස්ලිම් ලෙඩේ බෝවෙලා.” යනුවෙනි.
බොදු බල සේනා සංවිධානය දෙමළ ඩයස්පෝරාව සමග










