ලාංකීය සංවේදී කලා කරුවා අද දේශපාලකයන් ඉදිරියේ කොන්ද බිඳගෙන තම නිර්මාණ පාලකයන්ට ගැතිකම් කරන නිර්මාණ බවට පත් කරගනිමින් ඇති බවත් කලාකරුවන්ට ලේඛකයන්ට ස්වාධීන අනන්‍ය වූ නිර්මාණශීලිත්වයක් නොමැති බවත් ප්‍රවීණ ලේඛකයකු දක්ෂ පරිවර්තකයකු මෙන්ම කැළණිය විශ්වවිද්‍යාලයේ හිංදි අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ මහතා දිනපතා පුවත්පතක් සමඟ අද (01) දා සාකච්ඡාවකට එක් වෙමින් අදහස් දකවා ඇත.
අපේ බොහෝ ලේඛකයින් දීනත්වයෙන් තමයි වැඩ කරන්නේ. අද බොහෝ කලා කරුවෝ ලේඛකයෝ කොන්ද බිදගෙන. තමන්ගේ සැබෑ නිර්මාණශීලීත්වය මතු නොවීම කලා කරුවන් දීනත්වයට පත් වීමට හේතුවයි. ආදීන ලේඛකයා දේශපාලන බලවේග තියා කවර බලවේගයකටවත් බය වෙන්න ඕන නෑ. අපි දේශපාලනය ගැන කතා නොකර වෙන මොනවා කතා කරන්නද?
අදීන ලේඛකයෝ අපට නොහිටියා නෙවෙයි. සුගතපාලද සිල්වා, ධර්මසිරි බණ්ඩාරණායක වගේ අය අදීන නිර්මාණ සමාජයට දායාද කළා. මහගමසේකර තමන්ට කියන්න ඕන දේ අපූරුවට කලාත්මකව කිව්වා. හොද නිර්මාණශීලීත්වයක් තියන ලේඛකයෙකුට කවදාවත් දීන වෙන්න බෑ. සුගතපාලද සිල්වාගේ මරාසාද්, ධර්මසිරි බණ්ඩාරණායකගේ ධවල භීෂණ වගේ නිර්මාණවල ඒ ආදීනත්වය තියෙනවා. අද දීනත්වය රජ කරන්න හේතුව සැබෑ නිර්මාණශීලිත්වය ඇති අය කරළියට නොපැමිණීමයි. යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.









