කළුතර දකුණ OICලා තිදෙනෙක් ඇතුළු 04කට කොරෝනා

කළුතර දකුණ OICලා තිදෙනෙක් ඇතුළු 04කට කොරෝනා

කළුතර දකුණ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් අංශ දෙකක ස්ථානාධිපතිවරුන් දෙදෙනෙක් ඇතුළු කාන්තා පොලිස් නිලධාරිනියකට කොවිඩ් – 19 වෛරසය ආසාදිත වී ඇති බව වාර්තා වේ.

එම පිරිස අතර ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරික්ෂකවරයා මෙන්ම ප්‍රජා පොලිස් ඒකකයේ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට මෙලෙස ආසාදිත වී ඇත.

මේ බව අනාවරණය වී ඇත්තේ එම පොලිස් ස්ථාන භූමියේ ඊයේ (24) සිදු කළ ක්ෂණික ප්‍රති දේහ පරීක්ෂාවකදී ය.

ආසාදිත එම නිලධාරින් සහ නිලධාරිනිය කුණ්ඩසාලේ පොලිස් රෝහල වෙත සහ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්