පොලීසියේ ස්ථානමාරු වහාම අවලංගු කරයි…

පොලීසියේ ස්ථානමාරු වහාම අවලංගු කරයි…

ලබන ජනවාරි 15 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පොලීසියේ වාර්ෂික ස්ථාන මාරු කිරීම් ඊයේ රාත්‍රී 11ට නිකුත් කළ නියෝගයක් අනුව අත්හිටුවා ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ පොලිස් පණිවිඩය අනුව මාර්තු මස 15 වන දින දක්වා මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වන බව සඳහන්ය. නමුත් පොලීසියේ ඉහළ නිලධාරීන්ට වාර්ෂික ස්ථාන මාරුවීම් අදාල නොවන අතර ඔවුන් වෙනුවෙන් “වහාම ක්‍රියාත්මක වන පරිදි” යනුවෙන් චක්‍රලේක මගින් ස්ථාන මරුවීම් සිදු කරයි.

වාර්ෂික ස්ථාන මාරුවීම් මෙසේ අවලංගු කර ඇත්තේ රට තුළ ව්‍යාප්තවෙමින් පවතින කොරෝනා තත්වය හේතුවෙන් බව සඳහන් කර තිබේ. මෙම අවලංගු කිරීම නිසා විශේෂයෙන් උතුර හා නැගෙනහිර රාජකාරිවලට යොදවා සිටි පහළ පොලිස් නිලධාරීන් බලවත් පීඩනයකට ලක්වී ඇති බව අනාවරණය වේ. එම පළාත් දෙකෙනේ පිට සේවය කරන පිරිස් සඳහාද දුර බැහැර සේවයේ යොදවා ඇති අයගේ ස්ථාන මාරුවීම් අවලංගු වීමෙන් පීඩනයකට පත්වී ඇති බව හෙළි වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්