2021 අයවැය කතාව හෙට

2021 අයවැය කතාව හෙට

පසුගිය ඔක්තෝබර් 06 වැනිදා ගැසට් කර පසුගිය 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලබන මුදල් වර්ෂයේ (2021) අයවැය දෙවන වර කියවීම සඳහා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව එම විසර්ජන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම හෙවත් අයවැය කතාව ඉදිරිපත් කිරීම සඳහා හෙට පස්වරු 1.40ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

හෙට අයවැය කතාව සිදුකිරීමෙන් පසු අනිද්දා (18) සිට ලබන 21 වනදා දක්වා දින 04ක විවාදයක් පැවැත්වීමට නියමිතය. ඉන් පසු අයවැය සඳහා ඡන්ද විමසීම 21 වනදා පස්වරු 5.00 පැවැත්වීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාද ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වේ. එහි ඡන්ද විමසීම ලබන 10 වෙනිදා පස්වරු 5.00ට පැවැත්වීමට සැලසුම් කර ඇත.

ලබන මුදල් වර්ෂයට (2021) අදාලව රාජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2,678ක් වෙන් කිරීමටත් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2,900ක සීමාවකට යටත්ව ණය ලබාගැනීමටත් මෙම අයවැය කෙටුම්පත මගින් යෝජනා කර තිබෙ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්