කෝවිඩ්-19 ආසාදනය වූ මන්ත්‍රීවරයෙකු සමග ගනුදෙනු කිරීම නිසා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හට නැවතත් ස්වයං නිරෝධායනයට ලක් වීමට සිදුව තිබේ.
බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාව වන NHS විසින් සිදුකරන Test and Trace වැඩසටහනට ලක් වීමෙන් අනතුරුව ඔහු මේ බව අනාවරණය කළේ, ‘නීති පිළිපදින්න‘‘ ( “follow the rules” ) යන පණිවුඩය ලබාදෙන වීඩියෝවක් හරහා ය.
ටෝරි පක්ෂ මන්ත්‍රී ලී ඇන්ඩර්සන් සමග පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ විනාඩි 35 ක් පමණ බොරිස් ජොන්සන් විසින් ගත කර ඇති අතර, ඊට පසු දිනයේ ලී ඇන්ඩර්සන් කිසිදු රසයක් නොදැනෙන කෝවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසුව ලී ඇන්ඩර්සන් කෝවිඩ්-19 පොසිටිව් තත්වයට පත් ව සිටින බව පැවසේ.
කෙසේ වෙතත් මේ හමුව සම්බන්ධයෙන් බොරිස් ජොන්සන් කියා තිබෙන්නේ තමන් සියලු සමාජ දුරස්ථකරණ නීති පිළිපැදි බවයි. එනමුත්, ලී ඇන්ඩර්සන් විසින් සිය ෆේස්බුක් පිටුවේ ගැබ් කර තිබූ පහත ඡායාරූපයෙන් පෙනී යන්නේ ඔවුන් මුහුණු වැසුම් (මාස්ක්) නොපැළඳ සිටි බව ය.











