නොරොච්චෝලේ කරච්චලේ යළිත්…

නොරොච්චෝලේ කරච්චලේ යළිත්…

නොරෝච්චෝල ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක විදුලි ජනන කටයුතු මේ වනවිට නතර වී ඇත.

ඉන් එක් ජනන යන්ත්‍රයක් ඉකුත් 12 වැනි දා සිට අක්‍රිය වී තිබේ.

වතුර කාන්දුවක් හේතුවෙන් එම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත වී ඇති අතර එහි අලුත්වැඩියා කටයුතු සඳහා තවත් දින දෙක තුනක් ගතවනු ඇතැයි වාර්තා වේ.

එමෙන්ම අනෙක් ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා ඔක්තෝබර් මස 30 වැනි දින සිට නතර කර තිබෙන අතර එහි කටයුතු නිමාවීමට තවත් දින 20ක් පමණ ගතවනු අතැයි විදුලි විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 600ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවී තිබේ.

මේ දිනවල රටතුළ පවතින් කොවිඩ් තත්වය හේතුවෙන් විදුලි පාරිභෝජනය අඩුවී ඇති නිසා නොරෝච්චෝලයේ ප්‍රශ්නය නිසා විදුලි කප්පාදුවක් දක්වා යමට තරම් තත්වයක් උද්ගතවී නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්