වංගුව කෙලින් කළ රථයේ අංක තහඩු ගැලෙව්වේ ඇයි?

වංගුව කෙලින් කළ රථයේ අංක තහඩු ගැලෙව්වේ ඇයි?

කොළඹ නෙළුම් පොකුණ රඟහල ආසන්නයේ නිදහස් මාවතේ වැලමිටි වංගුවට මුහුණලා පිහිටි නන්දා මොටර්ස් වාහන ප්‍රදර්ශනාගාරය තුළට වාහනයක් කඩා වැදීම හේතුවෙන් විකිණිම සඳහා ප්‍රදර්ශනාගාරය තුළ තිබූ සුපිරි වාහන කිහිපයකට දැඩි අලාභ හානි සිදුව තිබේ.

අනතුර සිදු කර ඇත්තේ ටොයෝටා ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථයක් පදවාගෙන පැමිණි තරුණියක් විසින් වන අතර ඇයට වලංගු රියදුරු බලපත්‍රයක් හෝ නොමැති බව වාර්තා වේ. ඇය බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි ප්‍රදීපත් රත්නායකගේ දියණිය බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග වාර්තා කරයි. මෙම නිළධාරියාගේ පුත්‍රයා පැදවූ ඩිෆෙන්ඩර් රථයක ගැටී බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාද පසුගිය වසරේදි මරුමුවට පත්විය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි ප්‍රදීපත් රත්නායක සහ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ළඟම මිතුරන් වන අතර පසුගිය වසරේ මෙම පොලිස් අධිකාරීයවරයාගේ පුත්‍රයා පොලිස් නිලධාරියෙකු යට කර පළා ගිය ඩිෆෙන්ඩර් රථයේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාගේ පුත්‍රයාද විය. පසුව ඔවුන් සැඟව සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී.

නිරෝධායන නීති කඩන පුද්ගලයන් සොයා පියාඹන ඩ්‍රෝන යානාවලටද හසු නොවී, අනතුර සිදු කළ තරුණිය නිරෝධායන නීතිද උල්ලංඝණය කරමින් මුව ආවරණයක් වත් නොමැතිව පොලිස් නිළධාරින් සමඟ සිටින අයුරු දක්නට ලැබුනු අතර අනතුර සිදු වූ වහාම උසස් පොලිස් නිළධාරියාගේ දියණිය පැදවූ අනතුර සිදු කළ වාහනයේ අංක තහඩු යම් පුද්ගලයෙකු විසින් ගලවා ඉවත් කරන ආකරයක්ද දක්නට ලැබිණ.

කෙසේ වෙතත් එම ලැන්ඩ් කෲසර් ජීප් රථය CAB 2688 අංකය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියපදිංචි කර ඇත.

මෙම ජීප් රථය බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි ප්‍රදීපත් රත්නායකගේ දියණියගේ පෙම්වතාගේ පියාට අයත් ජීප් රථයක් බවද මේ වනවිට අනාවරණය වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්