මහර දලුපිටිය ප්‍රදේශයේ නිරෝධානයට ලක්කොට සිටි පවුලක වයස අවුරුදු 08ක දැරියක පසුගිය 14 වනදා රාත්‍රියේ හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිහාල් ගමගේ මහතා පවසන්නේ එම පවුලේ සැමියා කොවිඩ් – 19 ආසාදිතයෙකු වීමෙන් දරු පවුලම නිරෝධායනයට ලක්කර තිබූ බවය.
කෙසේ වෙතත් දැරියගේ මරණය පිළිබඳව මෙතෙක් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර නොමැති බවද ඒ මහතා පවසයි.
1,826










