කොවිඩ් 19 වෛරසයට ගොදුරු වීමෙන් ඉන්දීය සිනාමා ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීණ සිනමා නළු සෞමිත්‍ර චැටර්ජි මහතා ඊයේ (15) දින අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු මිය යන විට 85 වැනි වියේ පසු වූ අතර කොරෝනා ආසාදනය වීම නිසා ඔක්තෝබර් 6 වැනිදා කොල්කටා නුවර රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී සෞමිත්‍ර චැටර්ජි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
තිර රචකයෙකු, කවියෙකු, වේදිකා නාට්‍ය සහ චිත්‍රපට නළුවෙකු ලෙස සෞමිත්‍ර චැටර්ජි මහතා ජනාදරයට පත්ව සිටියේ ය. ඔහු සිනමා නිර්මාණ 300කට අධික සංඛාවකට දායක වී ඇති අතර මිය යන තෙක්ම වාමාංශිකයෙකු ලෙස කටයුතු කර තිබේ.
Communist Party of India (Marxist)පක්ෂය ඔහුගේ අභාවය පිළිබඳව අදහස් මෙසේ පළකර තිබේ.
”2020 නොවැම්බර් 15 වන දින ඉන්දියානු සිනමාවට මෙතෙක් සිටි දක්ෂතම නළුවෙකු වූ සෞමිත්‍රා චට්ටෝපාධ්‍යා මහතා අහිමි වූ දිනය ලෙස සිහිපත් වේ.බෙංගාලි සිනමාවට ඔහු දැක්වූ දායකත්වය මැනිය හැක්කේ ඔහු තිරය මත සිටීම තුළින් පමණක් වන අතර ඔහු නළුවෙකු පමණක් නොව දැක්මක් ඇති අයෙකි. වයස අවුරුදු 85 දී සෞමිත්‍ර චැටර්ජි මහතා සිය අවසාන දිනය දක්වා වමේ දැඩි ආධාරකරුවෙකු වූ අතර ඔහු විසින් රචිත කෘතියක “මම තවමත් විශ්වාස කරමි, වම එකම විකල්පය” ලෙස ලියා තිබේ. රටේ සමාජ-දේශපාලනික කාරණා ගැන ඔහු නිතරම හඬ නඟන අතර දැඩි විශ්වාසයකින් යුතුව සිය මතය ප්‍රකාශ කළේය.” යැයි සටහන් කර තිබේ.











