බන්ධනාගාරවලත් ආසාදිතයන් 400 පනියි

බන්ධනාගාරවලත් ආසාදිතයන් 400 පනියි

බන්ධනාගාර තුළින් හඳුනාගත් කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 437ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

එම පිරිස අතර බන්ධනාගාර නිලධාරින්, බන්ධනාගාර රැඳවියන් සහ සිරකරුවන් සිටිති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්