රුහුණ විශ්වවිද්‍යාලයේ දේපළ ඩෝසර් කළ දේශපාලකයා අත්අඩංගුවට ගන්න – ආචාර්යවරු ඉල්ලති

රුහුණ විශ්වවිද්‍යාලයේ දේපළ ඩෝසර් කළ දේශපාලකයා අත්අඩංගුවට ගන්න – ආචාර්යවරු ඉල්ලති

මාතර මහ නගර සභාවේ සභිකයකුගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පසුගිය 07 වන දින රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයට නීතිවිරෝධී ලෙස හා බලහත්කාරයෙන් ඇතුළු වී රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරය සහ තනිකඩ කුලී නිවාස අතර ඇති භූමිය බුල්ඩෝසර් යන්ත්‍රයක් භාවිතා කර කපා පාරිසරික වශයෙන් වැදගත් වෙරළබඩ වෘක්ෂලතාදිය විනාශ කර තිබෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ලේකම් රෝහාන් ලක්සිරි මහතාගේ අත්සනින් නිකුත්කර ඇති එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් 2011.11.07 දින මාතර පොලිස් ස්ථානයේදී අංකය: CIB5297/46 යටතේ පැමිණිල්ලක්ද ගොනු කර ඇතත් මෙම වැරදිකරුවන්ට එරෙහිව රටේ පොදු නීතිය ක්‍රියාත්මක නොවෙමින් තිබෙන බවයි.

වෙරළට පිවිසීමේ මාර්ගයක් සැකසීම ඔවුන්ගේ බලාපොරොත්තුව වී ඇතැයිද එය අත්තනෝමතික ක්‍රියාවක් යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්