ලංකාව ආසාදිතයන් 17,000සේ කඩඉමත් පසු කරයි…

ලංකාව ආසාදිතයන් 17,000සේ කඩඉමත් පසු කරයි…

මේ වනවිට මෙරට සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින්ගේ සංක්‍යාව 17,000සේ කඩඉම ඉක්මවා ගොස් තිබේ.

අද (15) දිනයේ මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින් 544 දෙනා සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 17,127ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒත් සමගම ලංකාව ලොව ආසාදිතයන් වැඩිම රටවල් 100 අතරට පිවිසෙල ලදී.

අද වාර්තා වූ ආසාදිතයන්ගෙන් 544දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන්ය.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 13,628ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 5,579 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබති.

මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති ආසාදිතයින් ගණන 53කි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්