උඩුබද්දාව අයවැය දෙවෙනිපාරත් පොහොට්ටුව පරාදයි…

උඩුබද්දාව අයවැය දෙවෙනිපාරත් පොහොට්ටුව පරාදයි…

පොහොට්ටු පක්ෂයට බලය හිමි උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ 2021 වසර සඳහා වන අයවැය දෙවෙනි වරටත් පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

එම සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු 09ක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 07ක් ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධනයේ මන්ත්‍රීවරු එක් අයෙකු බැගින් මන්ත්‍රීවරු 18දෙනෙකු සිටිති.

එම අයවැය පළමුව ඉදිරිපත් කළ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීරයා ඡන්ද විමසීමක් ඉල්ලා ඇති අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 04කුත් විරුද්ධව ඡන්ද 07කුත් ලැබී තිබේ. අනෙක් මන්ත්‍රීවරු නිහඬව සිට ඇත.

ඉන් පසු එම අයවැය සම්මත කරගැනීම සඳහා යළිත් පසුගිය 02වනදා ඡන්ද විමසීමක් පවත්වා තිබේ. එහිදී අයවැයට පක්ෂව 04කුත් විරුද්ධව ඡන්ද 13කුත් ලැබී ඇත.

එහිදී එජාප මන්ත්‍රීවරු 07 දෙනාත්, ජවිපෙ මන්ත්‍රීවරයාත් පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු 05 දෙනෙකුත් අයවැයට විරුද්ධව ඡන්දය ලබාදී තිබේ. එජනිස මන්ත්‍රීවරයා එදින සභාවට පැමිණ සිට නැත.

ඒ අනුව එම අයවැය වැඩි ඡන්ද 09කින් ජරායට පත්වී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්