නීතිපතිට පයින්ගසා පාර්ලිමේන්තු සභාව ජනපතිට එකඟවෙයි

නීතිපතිට පයින්ගසා පාර්ලිමේන්තු සභාව ජනපතිට එකඟවෙයි

ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් ලෙස පත්කිරීම සඳහා නීතිපති දප්පුල ලිවේරා ඉදිරිපත් කළ නම් සියල්ල නොසලකා හැරීමට පාර්ලිමේන්තු සභාව තීරණය කර ඇත.

නීතිපතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීපදෙනෙකුගේ නම් පාර්ලිමේන්තු සභාවේ සාමාජිකත්වය දරණ අගමැති මහින්ද රාජපක්ෂට ඉදිරිපත් කර තිබුණද පසුගිය අඟහරුවාදා රැස්වූ පාර්ලිමේන්තු සභාව ඒ පිළිබඳ කිසිදු සාකච්ඡාවක් හෝ සිදුකර නොමැත. ඒ වෙනුවට ජනාධිපතිවරයා විසින් එවන ලද සියළුම නම්වලට විරෝධයක් නොමැති බව වාර්තා කර තිබේ.

පසුගියදා සම්මත කරගන්නා ලද 20 සංශෝධනයෙන් ව්‍යවස්ථා සභාව අහෝසිකර ඇතිකර ගන්නා ලද පාර්ලිමේන්තු සභාවට කළ හැක්කේ ජනාධිපතිවරයා එවන ලද නම්වලට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට පමණි. සතියක් තුළ එම නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු සභාව අසමත් වුවහොත් ජනාධිපතිවරයාට තනි කැමැත්ත අනුව විනිශ්චයකාරවරුන් පත්කිරීමේ බලය 20වන සංශෝධනය හරහා ලබාගෙන ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්