කොරෝනා මරණ භූමදානයට අවසර නැත්තේ චීනයේ විතරයි

කොරෝනා මරණ භූමදානයට අවසර නැත්තේ චීනයේ විතරයි

චීනය හැර ලෝකයේ වෙනත් කිසිදු රටක කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම පමණක් නිර්දේශ කර නොමැති බවත්, අනෙකුත් සියලුම රටවල් භූමදානයටද අවසර ලබාදී ඇති බවත් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

“මම ඉතාමත්ම සාධාරණව මේක කියන්නම්, අපි මේ ආගමික අයිතියක් හැටියට ඉල්ලන දෙයක් නෙවෙයි. ඉතාමත්ම කාරුණිකව මේ පිළිබඳ සලකා බලන්න කියලා අපි කියන්නේ, කරුණු කීපයක් උඩ.

එකක් තමයි, ලෝකයේ කිසිම රටක – චීනය හැර – චීනය හැරුණාම, කිසිම රටක ආදාහනය විතරක් නැහැ, වැළලීමත් ලබාදෙනවා. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවෙ තානාපතිනිය මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරනවා. එතකොට ICRC එක ඒ ඉල්ලීම කරනවා. යුරෝපා සංගමය මේක ලබාදීලා තියෙනවා. ඇමරිකාව මේක ලබාදීලා තියෙනවා.

ඉතිං මේ සියල්ලම ලබාදෙනකොට මේක යළි සලකා බලනවායි කියන එක මේ ජාතියක් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේක දැනෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ ආගමේ තියෙන හින්දා” යනුවෙනුයි ඒ මහතා එහි දී සඳහන් කළේ.

මෙය මුස්ලිම් ජාතිකයින් සඳහා පමණක් ඉදිරිපත් කෙරෙන යෝජනාවක් නොවන බව පැවසූ ඒ මහතා සියලුම ආගමිකයින්ට කොරෝනා මරණයකදී තමන් කැමති ආකාරයට ආදාහනය හෝ භූමදානය යන දෙකෙන් එකක් සිදුකිරීමට අවස්ථාව ලබාදිය යුතු බව එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්