සහල්, පරිප්පු, සීනි, ලොකු ළූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන පෞද්ගලික වෙළඳුන් සතොස ආයතනයට ලබාතෙන තම සැපයුම් නතර කිරීමට තීරණය කර ඇත.
ඒ මෙතෙක් සපයන ලද ආහාර සැපයුම් සඳහා සතොස නියමිත ලෙස මුදල් නොගෙවීම හේතුවෙනි. සතොස විසින් මෙලෙස සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් කෝටි 770ක් වෙතැයි වාර්තාවේ.
මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 200ක් ලබාගැනීමට කැබිනටි පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. පසුගිය සැප්තැම්බර් මාසයේදී සතොස සහල් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 220ක් රාජ්‍ය බැංකුවක් හරහා ලබාගෙන තිබේ.
2019 වසරේ සතොස ආයතනයේ පාඩුව රුපියල් කෝටි 318කි.
647










