කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් කිහිපයක් 16 වනදා මධ්‍ය රාත්‍රියේ සිට නැවත දෙනුම්දෙන තුරු හුදකලා කර තැබීමට තීරණය කළ බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය හා වේල්ල වීදිය යන පොලිස් වසම් 16 වන සඳුදා අළුයම 5.00 සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කර ඇත.
එමෙන්ම මීගමුව, ජා-ඇල, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ යන පොලිස් තවදුරටත් නැවත් දැනුම්දෙන තුරු හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති අතර කැලණිය පොලිස් වසම 16 වනදා අළුයම 5.00 සිට නැවත දැනුම්දෙනතුරු හුදකලා කර ඇත.


3,213










