මධ්‍යම ඇමරිකාවට අයෝටා සුළි කුණාටුව කඩා වදී

මධ්‍යම ඇමරිකාවට අයෝටා සුළි කුණාටුව කඩා වදී

අයෝටා(iota) සුළි කුණාටුව අද(15) හොන්ඩුරාස් සහ නිකරගුවා යන රටවලට කඩා වදිනු ඇතැයි කාලගුණ විද්‍යාඥයින් අනතුරු හඟවා තිබේ.

නිවර්ථන සුළි කුණාටුවක් වන අයෝටා, මධ්‍යම ඇමරිකාවේ නිකරගුවා සහ හොන්ඩුරාස් රටවල්වලට කඩා වැදී ප්‍රධාන සුළි කුණාටුවක් දක්වා ප්‍රභල වනු ඇතැයි කාලගුණ විද්‍යාඥයින් වැඩිදුරටත් පවසා තිබේ. පැයට කිලෝමීටර් 193ක වේගයෙන් හමායන අයෝටා සුළි කුණාටුව හේතුවෙන් අධික වර්ශාපතනයක් සහ මුහුදු ජල මට්ටම ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි ද ඔවුහු පවසති.

මේ මස මුලදී මධ්‍යම ඇමරිකානු කලාපයට කඩා වැදුනු ඒටා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 200කට පමණ දිවි අහිමි විය. එහි අනතුරු පහව යෑමටත් පෙර අයෝටා සුළි කුණාටුව නැවත බලපෑම් ඇතිකරමින් පවතී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්