මේ වසර තුළ මේ වනවිට ඩෙංගු රෝගීන් 28,944ක් වාර්තා වී ඇති බවත් ඉන් රෝගීන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.
කොවිඩ් – 19 වෛරස් ආසාදිතයෙකුට ඩෙංගු රෝගය වැලඳුණ හොත් හෝ ඩෙංගු රෝගියෙකුට කොවිඩ් – 19 ආසාදනය වුවහොත් බරපතළ තත්වයක් ඇතිවියහැකි බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කරයි. පසුගියදා එවැනි ඩෙංගු සහ කොවිඩ් ආසාදන තත්වයක් දෙකම සහිත එක් රෝගියෙකු මීගමුව මහ රෝහලෙන් හමු වී තිබිණි.
කොරෝනා ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස සිදුවන සිදුවන මෙම අවධියේදී ඩෙංගු රෝගය ගැනද අමතක නොකරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියි.
වර්ෂාවත් සමග සෑම වසරකම පාහේ මෙම කාලයේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට වග බලා ගන්නා ලෙසද අධ්‍යක්ෂ වරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
137










