බන්ධනාගාර තුළ කොරෝනා පාලනයත් ෆේල් වන ලකුණු

බන්ධනාගාර තුළ කොරෝනා පාලනයත් ෆේල් වන ලකුණු

බන්ධනාගාර තුළ කොරෝනා වෛරස් ආසාදිත රැඳවියන් ප්‍රමාණය 329ක් වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුලුදෙණිය පවසයි. මුලින්ම වැලිකඩ සහ මාතර බන්ධනාගාර වලින් ආසාදිතයන් හමුවූ අතර මේ වන විට එය බෝගම්බර, කුරුවිට සහ මහර බන්ධනාගාර දක්වා ව්‍යාප්ත වී ඇතැයි පවසන බන්ධනාගර කොමසාරිස්වරයා මේවන විට බන්ධනාගාර නිළධාරින් 7 දෙනෙකුද කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි පවසයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය හා පැලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිතව ආරම්භ වූ කොරෝනා දෙවන රැල්ල බන්ධනාගාර පද්ධතිය වැනි අධිආරක්ෂිත කලාපයකට ඇතුල්වීම බන්ධනාගාර සෞඛ්‍ය ආරක්ෂක සේවාවන්ගේ බරපතල ෆේල් වීමක් බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරති.

මක්නිසාද යත් බන්ධනාගාර රැඳවියන් බ්‍රැන්ඩික්ස් සේවකයන් හෝ මත්ස්‍ය වෙළඳසැල සමග මුසුවීමට කිසිදු අවස්ථාවක් නැති පසුගිය කාලය පුරාවටම සිය මාසික ‘විසිට්’ එකද අහිමිව දැඩි රැකවල් මැද රඳාවා සිටි පිරිසක් බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්