කොළඹ නගර මධ්‍යයේ පිහිට් ටාජ් සමුද්‍රා සහ සිනමන් ග්‍රෑන්ඩ් තරු පහේ හොටල් ද්විත්වයෙන්ම කොවිඩ් – 19 ආසාදිතයන් හමු වූ බව එම හෝටල් පාලනාධිකාරිය නිවේදනය කරයි.
ටාජ් සමුද්‍රා හෝටල් කාර්ය මන්ඩලයේ සාමාජිකයන් සිව් දෙනෙකු කොවිඩ් – 19 ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති අතර සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ එක් සේවකයෙකු කොවිඩ් – 19 වෛරසය ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.
මෙම තත්වය සමඟ එම හෝටල් ද්විත්වයේ අංශ කිහිපයක කටයුතු “ෆේල්” වී ඇති අතර හානිය අවම කරගැනීමට දිස්ත්‍රික් සෞඛ්‍ය බළධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව හෝටල් පාලනාධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙයි.
338










