කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලයත් වසාදමයි

කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තාවේ.

ඒ හේතුවෙන් කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලය හා වයඹ පළාත් නියෝජිත තැපැල් අධිකාරි කාර්යාලය වසා දමා ඇත.

මහජන පරීක්ෂකවරුන්ගේ දැනුම්දීම් මත එම කාර්යාල වසා දැමීමට පියවර ගත් බව කුරුණෑගල උතුර තැපැල් අධිකාරි කාර්යාලය නිවේදනය කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්