පසුගිය අප්‍රේල් 24 සහ 25 දෙදින තුළ පාර්ලිමේන්තුවේදී සම්මතකරගන්නා ලද ක්‍රමඋපාය සංවර්ධන පනතට අදාළ ගැසට් නිවෙදන තුනට අනුව, ඉදිවන හෝටල් සංකීර්ණ තුළ කැසිනෝ ආරම්භ කළ නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කර නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හෙළිකළේය.
අමාත්‍ය වරයා මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (08) පවත්වන ලද ප්රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය. එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා හෙළි කළේ නව පනත් සම්මතකරගැනීමට පෙර පුවත්පත් කතුවරුන් අරලියගහ මන්ධිරයට කැඳවා පවත්වන සාකච්ඡාවේදී මෙම හෝටල් සංකීර්ණ තුල කැසිනෝ නැති බවට කිසිඳු ප්‍රකාශයක් කර නැති බවය. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අලුතින් කැසිනෝ ලබා නොදෙන බව යැයිද ඇමතිවරයා අවධාරණය කළේය.
මේ වනවිට කැසිනෝ බලපත්‍ර 05ක් ලබා දී ඇති බවත් අලුතින් කිසිදු කැසිනෝ බලපත්‍රයක් ලබා නොදෙන බවත් ඇමතිවරයා පැවසීය. නමුත් මේ වනවිට බලපත්රලබාගෙන ඇති කවරෙකුට වුවද එම ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ඕනෑම හවුල්කරුවෙකු සහභාගී කර ගැනීමට කිසිදු බාධාවක් නැතැයි හෙළි කළේය.









