කොළඹ පුරහල ප්‍රදේශයේ සලාකා ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ සූදුපොළ යළිත් වරක් අද (08) සවස 6.00ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසය සහ බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය එක්ව වටලා තිබේ.
පිරිමි සැකකරුවන් 26 දෙනෙක්, එක් සැකකාරියක් සහ සූදු පොළේ සේවකයින් 07 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
මීට පෙරද මෙම ස්ථානය පොලීසිය විසින් වැටලූ අතර එය වැටලීමට සම්බන්ධ නිලධාරීන් 23 දෙනෙකුට ස්ථාන මාරු ලබාදීමේ සිද්ධියට එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ නමද ගැවී තිබූ බව මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ.
Views: 0









