ආණ්ඩුව දෙගිඩියාවක

ඉදිරියේදී ඉක්මනින් පවත්වන්නේ ජනාධිපතිවරණයක්ද මහමැතිවරණයක්ද යනන් තීරණය කරගැනීමේ අසීරුවකට ආණ්ඩුව පත්ව ඇතැයි වාර්තා‍ වේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන් හෙට (09) පස්වරු 07 අරලියගහ මන්දිරයට කැඳවා ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම එම රැස්වීමේදී කැසිනෝ පනත් තුන සඳහා ඡන්දය භාවිතා නොකළ මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමටද නියමිතව ඇති බවද වාර්තා වේ.

පසුගිය පළාත් සභා මැතිවරණයෙන් පසු ආණ්ඩුව තුළ අර්බුද ගණනාවක් මතුවී ඇති අතර ආණ්ඩුවේ පාර්ශවකරුවන් විවිධාකාරයෙන් ආණ්ඩුවේ අර්බුද මාධ්‍ය මගින් නිරාවරණය කරමින් තිබේ.

Facebook
Twitter
LinkedIn