ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් විපක්ෂයේ මන්ත්රීවරුන්ගේ ප්රශ්නවලට පිළිතුරු ලබාදීමට සභාවේ නොසිටීම කතානායකවරයාගේ කනස්සල්ලට හේතුවී තිබේ. ඔහු ඊයේ (07) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විපක්ෂ මන්ත්රීවරුන්ගේ ප්රශ්නවලට පිළිතුරු දීමට ආණ්ඩුවේ ඇමතිවරුන් එන්නේ නැත්නම් මටත් මූලාසනයෙන් බැස යන්න සිදුවන බවයි.
බොහෝ අවස්ථාවල විපක්ෂ මන්ත්රීවරුන්ගේ ප්රශ්නවලට පිළිතුරු දීමට සිදුවන්නේ ආණ්ඩු පක්ෂ සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාටය. මේ සම්බන්ධයෙන් කතානායකවරයා කීප අවස්ථාවකදීම ආණ්ඩුවේ ඇමතිවරුන්ට උපදෙස් ලබාදුන්නද එම උපදෙස් පිළිපැදීමට ඇමතිවරුන් කටයුතු නොකරන තත්වයක් තුළ කතානායකවරයාට මේ ආකාරයෙන් තනතුර එපා වී ඇති බව පාර්ලිමේන්තු සේවකයින් පවසයි.
එමෙන්ම විපක්ෂයේ මන්ත්රීවරුන්ගේ ප්රශ්නවලට පිළිතුරු ලබාදීමට ආණ්ඩුවේ ඇමතිවරුන් සති, මාස ගණන් කල් ඉල්ලා සිටීමේ ප්රවණතාවයක්ද මතුව ඇති අතර පාර්ලිමේන්තුවේ ගණපූර්ණය නොමැති නිසා සභාව කල්තැබීම්, දිනට නියමිත විවාද කල්දැමීම් විශාල වශයෙන් සිදුවන බවද පාර්ලිමේන්තු සේවකයින් පෙන්වා දෙයි.









