අද(07) අලුයම දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඇතැයි වාර්තා වේ.
තෙල් ප්‍රවාහනය කරන දුම්රියක්, හලාවත බලා යාම සඳහා අලුත්ගම දුම්රිය ස්ථානයේ නතර කර තිබූ මගී දුම්රියේ පිටුපස එන්ජිමේ හැපී ඇති අතර එයින් දුම්රිය රියදුරු තුවාල ලබා තිබේ.
මෙම අනතුරට හේතුව වැරදි දුම්රිය සංඥාවක් ලැබීම විය හැකි බවට විශ්වාස කෙරේ. මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකිබව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Views: 0









