සටන පාවා දුන්නයි කුරුණෑගලින් සමන් එළවයි

අද (06) දින කුරුණෑගල රෝහලේ හෙද හෙදියන් හමුවීම සඳහා පැමිණි රාජයේ හෙද නිලධාරී සංගමයේ සමන් රත්නප‍්‍රිය මහතාට, හෙද හෙදියන්ගේ දැඩි දෝෂාරෝපන මැද රෝහලෙන් ඉවතට පැමිණීමට සිදු වී ඇති බව වාර්තා වේ.

රෝහලට පැමිණි සමන් රත්නප‍්‍රිය මහතා වැඩවර්ජනය අවසන් කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති අතර ඔවුන් එකතු කර රැස්වීමක් පැවැත්වීම සඳහා සූදානම් වීමේදී හෙද හෙදියන් දැඩි ලෙස ඔහුට දොස් නගමින් සටන පාවා දුන්නේ යැයි පවසා ඇත.

කෙසේ වෙතත් රැස්වීමක් පැවැත්වීම පසෙක තබා ඔහු රෝහලෙන් පිටතට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn