ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ දිනය නිමිති කරගනිමින් ලංකාවේ මාධ්‍ය සංවිධාන දහයකින් සමන්විත මාධ්‍ය නිදහස උදෙසා ක්‍රියාකාරී කමිටුව අද (05) පස්වරුවේ පෙත්සමක් අත්සන් කළේය. එම පෙත්සම අත්සන් කිරීම දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති නායකයින්, කලාකරුවන්, සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුලු පිරිසකගේ සහභාගිත්වයෙන් අත්සන් තැබුණේ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදීය.
මේ වනතෙක් සම්මත වී නොමැති ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ‘තොරතුරු දැනගැනීමේ පනත’ සම්මත කිරීමට ආණ්ඩුවට සහ අනෙකුත් දේශපාලන පක්ෂවලට බලපෑම් කිරීම මෙම පෙත්සමේ අරමුණ වී තිබේ.
ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ දිනය යෙදී තිබුණේ පසුගිය 03වෙනි දිනටය.





Views: 0









