සෞඛ්‍ය ගැටලු අර්බුද දක්වා උඩුදුවා ඇත්තේ ආණ්ඩුවේ නිද්රාශීලිබව නිසා බවත් ඒ අර්බුද තුළ අසරණ රෝගීන් පීඩාවට ඉඩහැර ආණ්ඩුව අමනෝඥ තීරණ ගනිමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියයි. එම නිවේදනය මෙසේය.
සෞඛ්‍ය සේවයට අදාල කරුණු කිහිපයක් මුල්කරගනිමින් මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්රය තුළ බරපතළ අර්බුදකාරී තත්වයක් මතුවී තිබේ. වැඩවර්ජනයක් දක්වා උඩුදුවා ඇති ගැටලූව හමුවේ නොවැළැක්විය හැකි ලෙසම රටපුරා රෝහල්වල රෝගීහු අතිවිශාල සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටිති.
කෙසේ වුවද මෙහිදී සැලකිල්ලට ගත යුතුව ඇත්තේ, ගැටලූව අර්බුදයක් දක්වා වර්ධනය වීමට ඍජු ලෙසම වගකිව යුතු ආණ්ඩුවේ නිද්‍රාශීලී පිළිවෙත හා පරිපාලනයේ අමනෝඥ තීරණයන්ය. ආණ්ඩුව මෙහිදී කිසිදු වගකීමක් නොගෙන අර්බුදය තුළ අසරණ රෝගීන් පීඩාවට ඉඩහැර තිබීම දැඩිව හෙළාදැකිය යුතුය. සෞඛ්‍ය සේවයේ පමණක් නොව රජයේ සියලූ ක්ෂේත්රයන්හි එක් එක් වෘත්තීයන් අතර විරසකභාවයන් වර්ධනය වීමට ඉඩහැරීම ආණ්ඩුවේ පරිපාලන ක්රමවේදයදැයි කෙනෙකුට සිතෙන තරමට ආණ්ඩුව ඒවා වර්ධනය වීමට ඉඩකඩ පාදමින් සිටී.
ආණ්ඩුවේ මෙම පිළිවෙත දැඩිව හෙළා දකින අපි, සෞඛ්‍ය සේවයේ අර්බුදය වහා විසඳීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බලකරසිටිමු.









