ටියුනීසියාවේ හිටපු ජනාධිපති බෙන් අලී බලයෙන් පහකිරීමෙන් පසු පවත්වන ලද පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් එන්නඩා (Ennahda) පක්ෂය නම් ඉස්ලාම් පක්ෂය ජයගෙන තිබේ.
එහි ප්‍රතිවාදියා වූ මධ්‍ය වාමාංශික PDP පක්ෂය පරාජය පිළිගෙන ඇති අතර එන්නඩා පක්ෂ නායකයින් පවසන්නේ තමන් ඉස්ලාමීය රාජ්‍යයක් නොව බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කරන බවයි.
මෙම මැතිවරණය බෙන් අලීගේ වසර 23 ක පාලනය ජනතා උද්ඝෝෂණය මගින් පෙරළා දැමීමෙන් මාස 09කට පසු පැවැත්විණි. ටියුනීසියානු පාර්ලිමේන්තුවේ ආසන 217ක් සදහා පැවති මෙම මැතිවරණයේදී මිලියන 4.1ක ලියාපදිංචි ඡන්දදායකයින් ගෙන් 90% ක් ජන්දය ප්‍රකාශ කර ඇත.
විදේශීය මැතිවරණ නිරීක්ෂකයින් සිය ගණනක් මැතිවරණය නිරීක්ෂණය කිරීම සදහා සහභාගී වී සිටි අතර මැතිවරණය සාධාරණ සහ සාමකාමී වූ බව ඔවුන් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
5









