පටි නැතොත් දඩ කොළත් නැහැ – පොලීසිය කියයි

වාහනවල ආසන පටි නොපැළදීමේ වරදට හසුවන රියදුරන්ට දඩ කොළ නිකුත් නොකර නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය නිවේදනය කර ඇත.

මේ පිළිබදව පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.

දැනට ඉංග්‍රීසි අක්ෂර සහිත සැහැල්ලු හා ඇතැම් බර වාහන වලට බලපාන නීතිය ඔක්තෝම්බර් 01 වැනි දිනෙන් පසු ලියාපදිංචි කෙරෙන බස් හා ලොරි රථ රියදුරන්ටද අදාල වේ. කෙසේ වුවද යතුරු පැදි, ත්‍රිරෝද රථ, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් හා අවමංගල්‍ය රථ මෙම නීතියෙන් ඉවත් කර ඇත.

Facebook
Twitter
LinkedIn