නෙළුම් පොකුණ පෙන්වා රාජ්‍ය නාට්‍ය උළෙලත් කොල්ලකයි

 

මේ දිනවල පැවැත්වෙන රාජ්‍ය නාට්‍ය උළෙලේ ප්‍රවේශ පතක මිල රුපියල් 100/= දක්වා දෙගුණයකින් වැඩිකර ඇත. පසුගිය වසරේ එම ප්‍රවේශපතක මිල රුපියල් 50/= විය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නාට්‍ය කරුවන් ඇතුළු කලා කරුවන් වෙනුවෙන් මහා දායාදයක් දුන් බව කියමින් මහින්ද රාජපක්ෂ කලා සංකීර්ණය විවෘත කළ අතර එහි වේදිකා නාට්‍යයක් පෙන්වන්නේ නම් ප්‍රවේශ පතක අවම මිල රුපියල් 1500/= ත් 2000/= අතර වනු ඇති බවද මෙයින් වේදිකා නාට්‍ය කලාවට කිසිදු සේවාවක් කර නැතැයි දැඩි ‍විවේචනයක් පවතී.

කලා කටයුතු ඉහල මිලකට විකිණීමේ අරමුනින් ක්‍රියාකරන ආණ්ඩුව රාජ්‍ය නාට්‍ය උළෙලත් ලාභ ලැබියහැකි මාධ්‍යයක් බවට පත්කර ගැනීමේ පිළිකුල් සහගත උත්සාහයක ආණ්ඩුව නිරතවී සිටින බව නාට්‍ය කරුවන්සහ ප්‍රෙක්ෂකයන් චෝදනා කරති. මෙයට පෙර රාජ්‍ය නාට්‍ය උළෙල නොමිලේ ප්‍රදර්ශනය කළ අතර ඒ කෙරෙහි ප්‍රේක්ෂක උනන්දුව ඉහලයාමත් සමග ප්‍රවේශපත්‍ර ඉහල දැමීම පිළිබදව තම බලවත් විරෝධය පලකරති.

රාජ්‍ය නාට්‍ය අනු මණ්ඩලයයේ සභාපති ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා වන අතර රාජ්‍ය නාට්‍ය උළෙල ලාභ ලැබීමේ ව්‍යාපාරයක් කිරීමට ඔහු වගකිව යුතු බව පෙන්වා දෙති.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්