30න් ජනාධිපතිවීම 20න් ඕනනැති වගන්තියක්… එහෙම වුනොත් ඒක රටේ අභාග්‍යයක්…

30න් ජනාධිපතිවීම 20න් ඕනනැති වගන්තියක්… එහෙම වුනොත් ඒක රටේ අභාග්‍යයක්…

මෙරට ජනාධිපති තනතුර සඳහා පත්වීමේ වයස 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කළ අවුරුදු 35 සීමාව 30 දක්වා අඩුකිරීම කිසිසේත්ම නුසුදුසු බවත් අවුරුදු 30ක ගැටයෙකු ජනාධිපති වන්නේ නම් එය රටේ අභාග්‍යය බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපෘතියෙහි ප්‍රබල භික්ෂුන් වහන්සේ නමක් වන මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසයි.

මැදගොඩ අභයතිස්ස හිමියෝ මේ බව සඳහන් කළේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (19) එහිමි බැහැදැක ආශිර්වාද ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී 20වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අදහස් දක්වමිනි.

“අවුරුදු 35, 30 කරන එක අවශ්‍යද? මේ රටේ ජනාධිපතිවරයා වෙන්න තියෙන ඒ වගන්තිය ඕනෙම නැහැ නේ. ඒ කියන්නෙ අවුරුදු 30 ගැටයෙක් නම් මේ රටේ ජනාධිපති වෙන්න ඉන්නෙ, ඒක රටේ අභාග්‍යය නේ, නේද ?

ඒ කියන්නෙ අවුරුදු 35ක්වත් වෙලා පරිණත මිනිහෙක් වෙන්න එපැයි. බුදු වෙන්නෙත් අවුරුදු 35න්” යනුවෙනුයි එහිමියෝ සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්