ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්කිරීම සඳහා ඉදිරිපත් කර ඇති 20 වන සංශෝධන පනත් කෙටුම්පතෙහි අඩුපාඩු පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ අග්‍රාමාත්‍ය කමිටු වාර්තාවේ අඩංගු කරුණු මේ වනවිට මාධ්‍යවල පලවෙමින් තිබේ.
ඒ අනුව,
ද්විත්ව පුරවැසියෙකුට මෙරට ජනාධිපති ධූරයට පත්වීමට පමණක් නොහැකි වන ලෙස විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය විය යුතු බව එම කෙටුම්පත සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු විසින් යෝජනා කර තිබේ.
දහනවවන සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියෙකුට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෝ ජනාධිපති ධුරයට පත්වීමට නොහැකි බව ඇතුළත් කර තිබුණි.
නමුත් 20 වන සංශෝධනයෙන් ඒ සියලු සීමා ඉවත් කර තිබුණද ඒ සඳහා පත්කළ කමිටුවෙන් යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් එම සීමා පැනවීය යිතු බවයි.
එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය විගණකාධිපතිගේ විගණන බල යටතට පත් කරන අතර විගණන කොමිෂන් සභාව තවදුරටත් පවත්වාගෙන යාමට කමිටුව යෝජනා කර ඇත.
ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමකදි අධිකරණය හමුවේ වග උත්තරකරුවෙකු කරමින් දැනට පනවා ඇති නඩු අවසන්වන තුරු එම අවස්ථාව ලබා දීමටද මෙම කමිටුව විසින් යෝජනා කර ඇත.
කැබිනට් ඇමැති මණ්ඩලය 30 දක්වාත් කැබිනට් නොවන ඇමති ධුර 40 දක්වාත් පැවති සීමා තවදුරටත් පවත්වාගෙන යාමට මෙම කමිටුව යෝජනා කර ඇත.
ඇමති මණ්ඩල දිවුරුමේදී ඒකීයභාවය ආරක්ෂා කරන බවට පෙර තිබූ වගන්තිය කිසිදු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට කමිටුවේ එකඟතාවය පළ වී තිබේ.
මැතිවරණ කොමිසම් සභාවේ සාමාජිකයන් ප්‍රමාණය පස් දෙනකු දක්වා ඉහළ දැමීමට සහ එහි ඝන පූර්ණය තුන්දෙනෙකු කිරීමටත් කමිටුව විසින් යෝජනා කර ඇත.
කෙසේ වෙතත් අදාල කමිටුවේ යෝජනා ඊයේ (16) දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කර නැති අතර එම කෙටුම්පත ගැසට් කර අද (17)ට දින දාහතරක් සම්පූර්ණ වන නිසා අද සිට ඕනෑම දිනයක පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමේ අවස්ථාව හිමිව තිබේ.










