හෙට සිට මංතීරු නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසයි.
අද (16) රාජගිරිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට රුපියල් 2000ක දඩයක් නියම වන අතර අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු නොවන බව ය.
එමෙන්ම පසුගිය සඳුදා (14) වන දා සිටි අද දිනය දක්වා, මංතීරු නීතිය අත්හදා බැලීමේ කටයුත්ත දින තුනක් ක්‍රියාත්මක වුවද යතුරුපැදි සහ ත්‍රීරෝද රථ නිසි පරිදි මංතීරු නීතිය අනුගමනය නොකිරීම හේතුවෙන් ඇති වූ රථ වාහන තදබදයට පිළියමක් ලෙස අද දින සිට ඔවුන් වම් පස මංතීරුවේ පමණක් ධාවනය කරවීම සඳහා කටයුතු කළ බවද ඒ මහතා සඳහන් කළේය.
“එම අවස්ථාවේදී බස් රථ එම මංතීරුවේ ගමන් කරන නිසා සියලුම බස් නැවතුම්පොළවල රථවාහන අංශයේ නිලධාරීන් රාජකාරියේ යොදවා, බස් රථ නැවතීමේ දී, පාර අයිනේ ඒ බස් වේගය නැවතුනත්, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ඉදිරියට ගමන් කිරීමට කටයුතු කළා.
මේ වනවිට වාහන තදබදය අඩුයි. අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරා උපයෝගිකර ගෙන තදබදය වැඩි ප්‍රදේශ සහ මෙම මංතීරු නීතියට පටහැනිව කටයුතු කරන රියදුරු සහ පැදිකරුවන්ට එරෙහිව හෙට (17) දින සිට නීතිය ක්‍රියාත්මක කරන්න,” යනුවෙන් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් පැවසී ය.










