ශ්‍රී ලංකාවේ 13 වන කෝරෝනා මරණයද වාර්තාවෙයි.
කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ පුද්ගලයෙකු හලාවත මහ රෝහලේදී මිය ගොස් තිබේ.
ඩුබායි සිට පසුගිය දෙවැනි දා මෙරටට පැමිණ හලාවත නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී ඊයේ රාත්‍රියේ හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් මත හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.
ඉන්පසු ඔහු අද (14) අළුයම මිය ගියේ ඇත.
මෙම පුද්ගලයාට කොරෝනා ආසාදනය වී තිබුණේ දැයි දැනගැනීම සඳහා ඔහුගේ ජීව සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහි දී හෙළි වී ඇත්තේ ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව ය.
Views: 0










