හොරොව්පතානෙත් රක්ෂිතයක් වනසයි…

හොරොව්පතානෙත් රක්ෂිතයක් වනසයි…

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මායිමේ ඇති රත්මලේ රක්ෂිතයේ අක්කර 150කට අධික ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් එළිපෙහෙළි කර තිබේ.

මාස ගණනාවක සිට යාන්ත්‍රික කියත් උපයෝගි කරගනිමින් මෙම වන සංහාරය සිදුකර ඇති බව වාර්තා වේ.

ඇතාබැඳි වැව, කඩවක යන ගම්මානවලට මායිම්ව පිහිටා ඇති එම රක්ෂිතයේ ඇති වීර, පළු, මෝර, කැටකෑල, දඹ, කෝන්, විල්ල වැනි වටිනා ශාක රැසක් කපා දමා පුළුස්සා ඇති බවත්, ඇතැම් ගස් දැවවලට ඉරා රැගෙන ගොස් ඇති බවත් ප්‍රදේශවාසීහු පෙන්වාදෙති.

එම වන විනාශය පිළිබඳ අදාළ බලධාරීන්ගේ අවධානය යොමුනොවීම හේතුවෙන් වටිනා රක්ෂිතයක් විනාශ වීමේ තර්ජනයකට මුහුණ දී ඇති බවත්, මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමුකර විශේෂ විමර්ශයක් සිදුකර එම වටිනා රක්ෂිතය රැක දෙන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිති.

එම දැවැන්ත වන සංහාරයට වන සංරක්ෂණ නිලධාරීන්ගේ සහය තිබෙන බවත් වන සංහාරය ගැන අදාළ අංශ වෙත පැමිණිලි කළ ද, මේ පිළිබඳ තවමත් අදාළ බලධාරීන්ගේ අවධානය යොමුව නොමැති බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.

Facebook
Twitter
LinkedIn