ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

නීති විරෝධීව ශ්‍රී ලාංකිකයින් පිරිසක් විදේශගත කිරීමේ පුද්ගල ජාවාරමකට සම්බන්ධ බව කියන ශ්‍රී ලාංකිකයකු දකුණු ඉන්දියාවේ චෙන්නායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ කේරළ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට හඳුනාගෙන ඇති බවයි. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ධීවර යාත්‍රාවකින් කේරළ ප්‍රදේශයේ සිට ඔස්ට්‍රේලියාවට ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙකු නීති විරෝධීව රැගෙන යාමට සූදානම්ව සිටියදීය.

කේරළ පොලීසිය පවසන්නේ සැකකරු ඊයේ (15) කේරළ අධිකරණය හමුවට පමුණුවා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. ජාවාරමට සම්බන්ධ සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්