චේ ගේ කොංගෝ දිනපොත එළිදකී

චේ ගුවේරා ගේ ප්‍රසිද්ධ නොවූ කාල පරිච්ඡේදය වන අප්‍රිකාවේ කොංගෝ රාජ්‍යයේ ගත කල කාලය පිළිබද විස්තර ඇතුළත් කෘතියක් ප්‍රකාශයට පත්වී තිබේ.

1965 බොලීවි‍යාව බලා පිටත්වීමට පෙර චේ බෙල්ජියම් යටත්විජිතවාදීන්ට එරෙහිව අප්‍රිකාණු ජාතික විමුක්ති ‍ව්‍යාපාරයට සහාය පිණිස කොංගෝවේ සටන් වැදීමට ගොස් තිබිණි. මෙම කාලය පිලිබද චේ විසින් තබන ලද සටහන් ප්‍රකාශයට පත්වී නොතිබුනු අතර මේ පියවර සමග ඔහුගේ විප්ලවීය දිවියේ ඉතිහාසයෙන් සැගවුනු තවත් පරිච්ඡේදයක් විවෘත වේ.

චේ ගේ බිරිද අලෙයිඩා මාච් විසින් දශක ගණනාවක් පුරා මෙම ලේඛණ ප්‍රසිද්ධියට පත් නොකර සිටියේ ඒවායේ සදහන් මතභේදාත්මක කරුණු හේතුවෙන් බව පැවසේ. එහෙත් මෙම සටහන් තුළින්ද චේ ගේ ලේඛණ හැකියාව, ඔහුගේ තියුණු බුද්ධිය හා අවංකත්වය පිළිඹිබු වන බව සදහන්ය.

පොතට පෙරවදනක් සපයන ගාබ්‍රියල් ගාෂියා ‍මාකේෂ් කියා සිටින්නේ තම දිවියේ හොදම කාලයේ, ජනප්‍රියත්වයේ උපරිම කාලයේ චේ කොංගෝවේ සටන්වැදීමට ගිය බවය. ඒ ගිය ගමනේදී නන්නාදුනන අප්‍රිකාව තුළ කිසිවෙකුටත් විනාශ කළ නොහැකි බීජ වැපිරීමට චේට අවශ්‍ය වූ බවද මාකේෂ් එහි ලියා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්