එයාර් බස් වංචාවට අදාලව නිමල් පෙරේරාගේ විදෙස් ගමන් තහනම ඉවතට…

එයාර් බස් වංචාවට අදාලව නිමල් පෙරේරාගේ විදෙස් ගමන් තහනම ඉවතට…

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර් බස් වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේදී එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ විසින් ඇමරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියට අදාළව ව්‍යාපාරික නිමල් පෙරේරා මහතාට පනවා තිබුණු විදෙස් ගමන් තහනම අත්හිටුවීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගිය 02දා එම නඩුව කැඳවූ අවස්ථාවේ නියෝග කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායක යන අය ලබාගත් අල්ලස් මුදලින් ඇමරිකානු ඩොලර් 400,000ක මුදලක් නිමල් පෙරේරා මහතාට අයත් සිංගප්පූරු ගිණුමකට බැරකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණු අතර ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවූයේ ඒ අනුව ය.

කෙසේවෙතත් මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේදී නිමල් පෙරේරා මහතාගේ නීතීඥයින් අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට අයත් Sabre Vision Limited නම් ආයතනයෙහි සිංගප්පූරු බැංකු ගිණුමකට ඇමරිකානු ඩොලර් 400,000ක් බැර වූයේ කෙසේදැයි ඔහු නොදන්නා බවත් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා සිංගප්පූරුවට යාමට අවශ්‍ය බව්ත ය.

ඒ අනුව ඊයේ දිනයේදී මහේස්ත්‍රාත්වරයා විසින් එම අවසරය ලබාදෙමින් විදෙස් ගමන් තහනම අත්හිටුවා ඇත.

Facebook
Twitter
LinkedIn