නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම සඳහා තුනෙන් දෙකක බලයක් සහිත ජනතාව ලබා දුන් ස්වර්ණමය අවස්ථාවට රජය පා පහර එල්ල කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, මාලිමාව පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් නායක ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
සම්පූර්ණ ව්‍යවස්ථා වෙනසක් බලාපොරොත්තුවෙන් සිටි ජනතාවට 19,18,17 හෝ 13ද කිසිදු වැදගත්කමක් නැතැයිද ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ආර්ථික, ජනවාර්ගික ප්‍රශ්න වෙනුවට ස්ථීරසාර විසඳුම් ලබා දිය හැකි නව ව්‍යවස්ථාවක් යැයිද පැවසූ ඒ මහතා රජය ගෙන ආ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා එය ඉටු නොවන බවද සඳහන් කළේ ය.
ජනතා අපේක්ෂා වෙනුවෙන් සෑම විටම පෙනී සිටින තම පක්ෂය කිසිදු අවස්ථාවක 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පෙනී නොසිටින බවත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විවාද කරන බවත් ඡන්දය විමසන අවස්ථාවේදී කළ යුතු හොඳම දේ පිළිබඳව ඒ මොහොතේ තීරණය කරන බවත් ලාල්කාන්ත මහතා පැවසී ය.
13 හා 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා බලය බේදීමේ සංකල්ප (13 මගින් පළාත් සභාවලටත් 17 මගින් ස්වාධීන කොමිෂන් සභාවලටත්) සහිත සංශෝධන 2ක් ගෙන ආවත් 18 හරහා එම සංකල්පයට පටහැනිව ක්‍රියා කළ බැවින් එම කරුණු සැලකිල්ලට ගනිමින් පැවති කිසිදු ව්‍යවස්ථාවක් කෙරෙහි ජනතා ප්‍රසාදයක් නැතිව ගිව බවද ඒ මහතා කියා සිටියේ ය.
තතු එසේ හෙයින් සියලු දෙනාට පිළිගත හැකි ආර්ථික සමානාත්මකතාවක්, ජනවාර්ගික ප්‍රශ්න වෙනුවෙන් ස්ථීරසාර විසඳුම් ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් අලුත්ම ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජයට හැකියාව තිබූ බවද ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
දිවයින – සුජීව තත්සර










