තෙල් නෞකාවේ ගින්න සාර්ථකව මැඩපැවැත්වූවා – ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය නිවේදනය කරයි

තෙල් නෞකාවේ ගින්න සාර්ථකව මැඩපැවැත්වූවා – ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය නිවේදනය කරයි

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී හදිසි ගිනි ගැනීමකට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩ පැවැත්වීමට හැකිවූ බව ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය නිවේදනය කරයි.

ඉන්දීය වෙරලාරක්ෂක හා නාවික හමුදාවේ නෞකා 06ක්, ශ්‍රී ලංකා නාවික හා වෙරලාරක්ෂක නෞකා 06ක්, ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා 04ක්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ටග් යාත්‍රා 02ක් මෙම මෙහෙයුමට දායකත්වය ලබාදී තිබිණි.

නෞකාවේ ඇති බොරතෙල් මුහුදු තීරයට මිශ්‍රවීමේ අවදානමක් කිසිසේත්ම නැති බවත්, ගින්න නිවා දැමුවත් ගින්න හටගත් එන්ජින් කාමරයේ ඇති ඩීසල් අවසන් වන තෙක් දින කිහිපයක් කළු දුමාරය පිටවන බවත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (නැගෙනහිර) ටී. ශ්‍රීපති මහතා අවධාරණය කරයි.

ගින්න පාලනය කළපසුව එම තෙල් නෞකාව අයත් සමාගම විසින් එවා ඇති ටග් යාත්‍රාවක් මගින් මේ වනවිට තෙල් නෞකාව ඈත දියඹ මුහුදට ඇදගෙන යමින් පවතී.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඒ බව සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn