ඉදිරි මාස 04 සඳහා කැබිනට් අමාත්‍යාංශ වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා අගෝස්තු 21වෙනි දින ගෙන එන ලද විසර්ජන යෝජනාවට අනුව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට වැඩම මුදල වෙන් කර ඇත.
එය රුපියල් කෝටි 19,438ක් වන අතර මෙම අමාත්‍යවරයා ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ය. රාජ්‍ය සේවා යනුවෙන් කොටසක් අමාත්‍යාංශයට ඇතුළත්ව තිබුණද දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල රාජ්‍ය සේවා යන්නෙන් ඉවත් කර අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කලමණකරණ කටයුතු යටතයට පත්කර තිබේ. එහි ඇමතිවරයා චමල් රාජපක්ෂ මහතා ය.
ජනක බණ්ඩාර ඇමතිවරයාගේ අමාත්‍යාංශයට රාජ්‍ය ආයතන අටක් නම් කර තිබෙන අතර පළාත් සභා හෝ පළාත් පාලන ආයතන ඔහුගෙන් ඉවත් කර රාජ්‍ය අමාත්‍යාංශයට ලබා දී තිබීම විශේෂත්වයකි. එම රාජ්‍ය අමාත්‍යවරයා සරත් වීරසේකර මහතා ය.
Views: 0










