“තක්කලි කිලෝ එකක් රු. 20ට බැහැලා. සීනි කිලෝ එකක් ගන්න තක්කලි කිලෝ 06ක් වත් විකුණන්න ඕනෑ. ඒ මදිවට දැන් මේ අයිය මලෝ එකතු වෙලා ගොවියත් සමච්චලයට ලක් කරනවා. අනුමතව තිබූ විශ්‍රාම වැටුප රාජපක්ෂ ආණ්ඩුව කපල දැම්ම. දැන් දුන් දේත් උදුර ගන්නවා. ලයිට් බිල 25%කින් අඩු කරනවයි කිව්වට අදාළ චක්‍රලේඛය තවම නිකුත්කර නැහැ. මේ බොරුකාරයන්ට, හොරුන්ට නැවත නැවතත් ඔබ රැවටෙන්න සූදානම්ද? නැතිනම් මේ රට නිවැරදි දිසාවට හරවන ජාතික ජන බලවේගය සමග පෙළ ගැසෙන්න ඔබ සූදානම්ද? ඔබ පෙළ ගැසිය යුතුයි” යැයි ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායමේ නායක සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව අමතමිණි.
එම මාධ්‍ය හමුවේදී ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂිකා සුජීවා ගුණසේකර මහත්මියද එක්වී සිටි අතර ඔවුන් දැක්වූ ම්පූර්ණ අදහස් පහතින් පල වේ.
ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායමේ නායක සමන්ත විද්‍යාරත්න මහතා
“රාජපක්ෂ ආණ්ඩුව බලයට ඒම පෙර ජනතාවට දෙන විශාල සහන මල්ලක් ගැන කතා කරනවා. සෞභාග්‍යයේ දැක්ම තුළිනුත් එය ප්‍රකාශයට පත් වෙනවා. නමුත් අද වනවිට දී තිබුණු සහනත් උදුර ගනිමින් ඉන්නවා. එදා තෙල් මිල අඩු කරන්න කියලා රාපක්ෂගේ ගෝල බාලයෝ විපක්ෂයේ ඉන්නකොට ගොං කරත්තවලින් පාර්ලිමේන්තුවට ආවා ඔබට මතක ඇති. නමුත් අද ලෝක වෙළඳපොළේ තෙල් මිල විශාල ලෙස අඩුවී තිබියදී එම සහනය ජනතාවට දෙන්න බැරි රාජපක්ෂ ආණ්ඩුව අයි.ඕ.සී. එකට දෙනවා.
කොරෝනා වසංගතය නිසා අඩපණ වූ ජන ජීවිත තවම යථාවත් වෙලා නැහැ. ඒ තුළ ආර්ථික අර්බුදයත් වේගවත් වෙලා. පසුගිය මාර්තු 18වැනිදා ජනාධිපතිවරයා ජාතිය අමතලා පරිප්පු කිලෝ එක රු. 65ටත් සැමන් ටින් එක රු. 100ටත් දෙනවා කියලා කිව්වා. දැන් ජාතිය අමතන්නෙම නැතුව පරිප්පු සැමන් විතරක් නෙවෙයි ජනතාවට එදිනෙදා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු බඩුවල මිල ඉහළ දමලා. මේ රටේ සමෘද්ධියෙන් යැපෙන 16,00,000ක් පමණ ජනතාව ඉන්නවා. රටේ ජනතාවගෙන් 45%ක දෛනික ආදායම ඩොලර් 2ටත් අඩුයි.
දැන් රු. 65 පරිප්පු 170යි. 100 සැමන් එක 280යි. හොඳ පොල්තෙල් බෝතලයක් රු. 500 ඉක්මවලා. රු. 97 සීනි 150 වෙලා. කහකුඩු කිලෝ එකක් රු. 7,500ක් වෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් 100ක් රු. 750ක් වෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ටිකේවත් මිල අඩු කරන්න බැරිනම් එවැනි ආණ්ඩුවක් රටකට කුමකටද? අත්‍යවශ්‍ය භාණ්ඩ හැම එකටම බදු ගහල. රටේ ජනතාව අනුභව කරන බත්පතේ වෑංජන ගණන අඩුවෙලා. ගුණාත්මක බව පහළට වැටිලා. එහෙම වෙද්දිත් මැති ඇමතීන්ගෙ අනවශ්‍ය නාස්තිය හා දූෂණය ඉහවහා ගිහිල්ලා. අපි ආණ්ඩුවට බල කරලා කියනවා තෙල් සහ ආහාර මිල වහාම පහත හෙළන්න කියලා.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට එන්න ඉස්සෙල්ලා කිවුවා මේ රටේ දුප්පත් කාන්තාවන් අරන් තියෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනවා කියලා. ලීසිං සහන දෙනවා කිවුවා. වතු කම්කරුවන්ට රු. 1000ක දෛනික වැටුපක් දෙනව කියලා අයියයි මල්ලියි දෙන්නම කිවුවා. දස අතේ පොරොන්දු වුණා. අද ඒ පොරොන්දු අකා මකා දාලා.
මේ වනවිට එළවළු මිල බැහැලා. ගොවියො අසීරුතාවයට පත්වෙලා. තක්කලි කිලෝ එකක් රු. 20ට බැහැලා. සීනි කිලෝ එකක් ගන්න තක්කලි කිලෝ 06ක් වත් විකුණන්න ඕනෑ. ඒ මදිවට දැන් මේ අයිය මලෝ එකතු වෙලා ගොවියත් සමච්චලයට ලක් කරනවා. ලක්ෂ 69ක ඡන්දය දුන් ජනතාවට යුතුකම් ඉටු කරන්නෙ මෙහෙමද?
ලංකාවේ ලක්ෂ 21ක් ගොවි ජනතාව ඉන්නවා. ගොවිතැනට අවශ්‍ය පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල විශාල ලෙස ඉහළ ගිහිල්ලා. අද ගම්මිරිස් කිලෝ එක රු. 400යි. ගම්මිරිස් ගොවියා ලොකු අමාරුවක වැටිලා. රනිල්ලගේ පාලන කාලේ වියට්නාමයෙන් බාල ගම්මිරිස් ගෙනල්ලා මේ රටේ ගම්මිරිස් ගොවියා අනාථ කළා. මේ ආණ්ඩුවත් කරමින් ඉන්නේ ඒකමයි. ඡන්දෙ දුන් මිනිහගේ බඩු මිල ඉහළට. ගත්ත එවුන්ගේ බඩු මිල පහළට. මේක තමයි මේ ආණ්ඩුවල ප්‍රතිපත්තිය.
අනුමතව තිබූ විශ්‍රාම වැටුප රාජපක්ෂ ආණ්ඩුව කපල දැම්ම. දැන් දුන් දේත් උදුර ගන්නවා. ලයිට් බිල 25%කින් අඩු කරනවයි කිව්වට අදාළ චක්‍රලේඛය තවම නිකුත්කර නැහැ. මේ බොරුකාරයන්ට, හොරුන්ට නැවත නැවතත් ඔබ රැවටෙන්න සූදානම්ද? නැතිනම් මේ රට නිවැරදි දිසාවට හරවන ජාතික ජන බලවේගය සමග පෙළ ගැසෙන්න ඔබ සූදානම්ද?
මේ රටේ ජනතාව මුහුණ දුන් හැම ප්‍රශ්නයකදීම එයට එරෙහිව පෙරමුණ ගෙන ක්‍රියා කළේ අපියි. ඒක රටේ ජනතාව දන්නවා. ඉදිරියේදී ඔබේ ඕනෑම ප්‍රශ්නයකට මුලින්ම ඉදිරිපත් වෙලා පාලකයන්ට එරෙහිව ඔබ වෙනුවෙන් සටන් වදින්න අපි සූදානම්. ඒ සඳහා අපිට ශක්තිය සපයන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”
රටේ ඡන්ද දායකයන්ගෙන් 56%ක්ම කාන්තාවෝ, පවතින ආණ්ඩුවලින් වැඩියෙන්ම බැට කන ඔවුන් වෙනුවෙන් පෙනී සිටින එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි…
ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායමේ සුජීවා ගුණසේකර මහත්මිය
“කොරෝනා වසංගතය නිසා අපේ රටෙන් විදෙස්ගත වූ අපේම සහෝදර සහෝදරියන් අද ඒ ඒ රටවල අසරණ වෙලා. විශේෂයෙන් මැද පෙරදිග ඉන්න අපේ කාන්තාවෝ දැඩි ලෙසම පීඩාවට පත්වෙලා. ඔවුන්ට කර කියාගන්න දෙයක් නැතිව අපේ තානාපති කාර්යාල ඉදිරිපිටට ඇවිල්ලා තමන්ගේ දුක කියන්න පටන් අරන්. එහෙම ආපු කාන්තාවන් පිරිසකට ජෝර්දානයේ අපේ රටේ තානාපති කාර්යාලය ඉදිරිපිටදී ජෝර්දාන් පොලීසිය කඳුළු ගෑස් ගසා බැටන් ප්‍රහාරයක්ද එල්ල කරනවා. ඒ ගැන රාජපක්ෂ ආණ්ඩුව මේ වනතුරු කිසිදු රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාරයක් දක්වා නැහැ. අපි මේ රජයට බලකර කියා සිටිනවා, විදෙස්ගතව අසරණ වී සිටින අපේ රටේ සේවක සේවිකාවෝ ඉක්මනින්ම මේ රටට ගෙන්වලා දෙන්න කියලා.
ලංකාවේ ජනහනයෙන් 52%ක්ම කාන්තාවන්. ඡන්ද දායකයන්ගෙන් 56%ක්ම කාන්තාවන්. නමුත් පාර්ලිමේන්තුවේ අපේ රටේ පීඩිත කාන්තාවන් වෙනුවෙන් නියෝජනයක් නැහැ. ඔවුන්ගේ හඬ නගන්න තරම් ඉන්න අයට වුවමනාවකුත් නැහැ. ඒ අය කරන්නේ පවතින ආණ්ඩුවලට ප්රශස්ති ගයන එක විතරයි. අද අවශ්‍ය වන්නේ කාන්තා ගැටලු හඳුනන කාන්තා නියෝජනයක්. මේ රටේ දුක් විඳින කාන්තාවෝ සහ ඔවුන්ගේ ගැටලු පාර්ලමේන්තුවට ගෙන යාමේ සටන අපි කුස්සියෙන්ම පටන් ගත යුතුයි.
අද අපේ රටේ දරු පරපුර සෞඛ්‍ය හා සදාචාරමය වශයෙන් පරිහාණියට යමින් සිටිනවා. මින් වඩාත් වේදනා විඳින්නේ මේ රටේ කාන්තාවෝ. මේ සියලු පරිහාණියන්ට එරෙහිව අරගල කිරීමේ මධ්‍යස්ථානයක් අපි ගොඩනගා තියෙනවා. ඒ ජාතික ජන බලවේගයයි. මේ මැතිවරණයේදී රට මුහුණ දී සිටින අභියෝග ජය ගැනීමට නම් ජාතික ජන බලවේගය දිනවීම හැර වෙන විකල්පයක් රටේ ජනතාවට නැහැ.”
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
“සෙවනගල සහ පැලවත්ත උක් ගොවියන්ගේ සටනේදී අප පෙරමුණ ගෙන ක්‍රියා කරනවා. ගොවියන්ට අහිමි වූ ඉඩම්වලට සාධාරණ වන්දියකුත් උක් ගස්වලට නියම මිලකුත් ඉල්ලා අප සටන් කරමින් ඉන්නනවා. ඒ වගේම බලයට පත්වූ හැම ආණ්ඩුවක්ම සෙවනගල වැනි උක් කර්මාන්ත බිම් තම දේශපාලනයට යොදා ගත්තා මිස සීනි කර්මාන්තය දියුණු කළේ නැහැ. මේ වනවිට කන්තලේ සීනි කම්හලේ කෝටි ගණන් වටිනා යන්ත්‍ර සූත්‍ර දිරාපත් වෙමින් තිබෙනවා.
අවුරුදු 72ක් දුන් පොරොන්දුම තමයි දැන් රාජපක්ෂලත් දෙමින් ඉන්නේ. මේ දෙගොල්ලොම රටට දීපු පොරොන්දු නම් හරිම සුන්දරයි. ඒව ඉටු වුණානම් අපේ රට දිව්‍ය ලෝකයක්. පසුගිය අවුරුදු 72 පුරාවටම අපේ රටේ ණයවල එකතුව රු. ටි්රලියන 14යි. පසුගිය මාස හයට තව ටි්රලියනයක් ඒකට එකතු වෙලා. දැන් ටි්රලියන 15යි.
ඡන්දෙ දිනන පාලකයන්ට නම් මේ දේශපාලනය ධන නිධානයක්.
එක රටක්, එක නීතියක් කියල තමයි රාජපක්ෂලා බලයට ආවේ. ගෝඨාභය එඩිතරයි කිව්ව, අවංකයි කිව්වා. නීතිය කෙලින් කරල ගනියි කිවුවා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? නීතිය තමන්ගේ පැත්තට නමාගෙන ඉන්නවා. තොණ්ඩමන්ගේ මළ ගෙදර දින 5ක් ගත්තා. කරුණාට නීතිය නැහැ. ඔහු අනිවාර්යයෙන්ම අගෝස්තු 05වැනිදායින් පස්සෙ මේ ආණ්ඩුවේ ඇමතියෙක් වෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරුවෝ ඉන්නෙ පාර්ලිමේන්තුවේ. මත්ද්‍රව්‍ය මර්දනය සඳහා තිබෙන යාන්ත්‍රණයේ මත්ද්‍රව්‍ය ජාවාරමුන් එක්ක ගැට ගැහිලා. ඉතින් කොහොමද මත්ද්‍රව්‍ය මර්දනය කරන්නේ? මේවා ඔක්කොම බොරු.
අද යූ.ඇන්.පී.-ශ්‍රීලනිප කියන්නේ පක්ෂ දෙකක් නෙවෙයි, ගම්වල ජනයා දෙපැත්තට බෙදී හිටියට මේ පක්ෂ දෙකේ මුදුන් එකට එකතු වෙලයි තියෙන්නේ. එදා මහින්ද රාජපක්ෂ එජාපයෙන් 42ක් අරන් තමයි බලය හදා ගත්තේ. රනිල් අගමැති වෙලා ඉන්නකොට ශ්‍රීලනිපයෙන් පිරිසක් අරන් තමයි බලය හදා ගත්තේ. ජතාව දෙන ඡන්ද මුදුනේ ඉන්න කට්ටිය එකිනෙකාගේ ගිණුම්වල තැන්පත්කර ගන්නවා. ජනතාවගේ ගිණුම් හිස් කරනවා. අද එක්සත් ජාතික පක්ෂයට පුළුවන්ද මේ රටට වග කියන්න? පක්ෂයේ නායකයෝ දෙන්නට තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්න බැරිනම් රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද?
අද රනිල් රාපක්ෂවරු එක්ක අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. සජිත් ප්‍රසිද්ධියේ කියනවා අපි ගෝඨාභයට සහයෝගය දෙන්න ලැහැස්තියි කියලා. ඒ කියන්නේ සජිත් මේ ගොල්ලෝ එක්ක ප්‍රසිද්ධියේ දීග කනවා.
මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මුදල් අවභාවිතයට එරෙහිව අපි දැඩිව කටයුතු කරනවා. කිසිදු හොරෙකුට අපේ පක්ෂය දෙන්නේ නැහැ. මේ සියලු විනාශයන් රටේ තුරන් කරන්න අවශ්‍ය නම් ඒ සඳහා සුදුසුම ප්‍රතිපත්ති සහිත ජාතික ජන බලවේගය දිනවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.”










