රට තුළ පවතින වාතාවරණය හමුවේ මැතිවරණය පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සහ පක්ෂවලට පවතින ගැටළු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල යෝජනා හා අදහස් ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ මෙවර මහ මැතිවරණයට තරග කරන සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් වෙත ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බවයි.
දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත අතර ඒ සඳහා පක්ෂවල මතය විමසීමේ අරමුණින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
අප්‍රේල් 25 වන දින පැවැත්විමට නියමිතව තිබු මහ මැතිවරණය කොවිඩ් නයින්ටීන් වසංගත තත්වය හේතුවෙන් ජුනි 20 වන දින දක්වා කල් තැබීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගත් අතර එම දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම්වලට අදාළව ජුනි 20 වන දිනද මැතිවරණය පැවැත්විය නොහැකි බව එම කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වී ය.









