ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවයි

(දෙවන සංස්කරණය) ශ්‍රී ලංකාවේ මේවනවිට හමු වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1023 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ඒ අද (19) දිනයට මේ වනවිට හමු වී ඇති ආසාදිතයන් 31 දෙනාද සමග ය.

මින් ආසාදිතයින් 28 දෙනෙකුම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයන් පිරිසකි.

එසේම, කොරෝනා ආසාදිතයෝ 445නෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිත පුද්ගලයන් 569 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

රෝගීන් 09 දෙනෙකු මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෛරසය ආසාදනය වී නැතත් ආසාදිත ලක්ෂණ පෙන්නුම් කරන තවත් රෝගීන් 135 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙති.

Facebook
Twitter
LinkedIn